නව වසරේත් හොංකොං හි විරෝධතා
Thursday, 02 January 2020 - 8:05 | Views - 352
නව වසර උදාවත් සමඟ හොංකොං රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂන යළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් සාමකාමීව හැසිරුණද ඇතැම් අවස්ථාවල ප්රචන්ඩකාරීවීම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා පොලීසිය කඳුළුගෑස් ප්රහාරද එල්ල කළා.
විරෝධතාකරුවන් මිනිස් දම්වැලක් ලෙස රැඳී සිටිමින් එරට ජනාකීර්ණ සාප්පු සංකීර්ණ අසළ විරෝධතා පෙළපාලිවල නිරතවී ඇති බව සඳහන්. ප්රජාතන්ත්රවාදය උදෙසා හොංකොං හි මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වුණේ පසුගිය වසරේ ජුනි මාසයේ සිටයි.
Share This Article