රාගම වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට
Thursday, 02 January 2020 - 8:03 | Views - 793
රාගම - ගනේමුල්ල - කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රි 7.50 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 30 හැවිරිදි කුලී පදනම මත වාහන ලබාදීමේ ව්‍යාපාරයක නිරත මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මොහු ඊයේ රාත්‍රියේ රාගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ තමන්ට අයිති වෑන් රථයක් කුලී පදනම මත රාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීම සඳහායි.
 


ඉතාලියේ සිට මෙරටට පැමිණි පවුලක් සිය තාවකාලික භාවිතය සඳහා කුලී පදනම මත මෙම වෑන් රථය ලබාගෙන තිබෙනවා.

වෑන් රථය නිවැසියන්ට භාරදී යළි පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

වෙඩි තැබීම සිදුකළ සැකකරු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර - තාප්පවත්ත ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසේ සැඟව සිටියදීයි.

වෙඩි තැබීම සඳහා යොදාගත් මිලිමීටර 9 වර්ගයේ රිවෝල්වරයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හමුදාවෙන් පලාගිය අයෙකු බවයි.

එමෙන්ම මියගිය ව්‍යාපාරිකයා සහ ඔහු මිතුරන් වන අතර, කුමන හේතුවක් මත ඝාතනය සිදුකලේද යන්න පිළිබඳව නිශ්චිතව අනාවරණ වී නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top