පොහොට්ටුව තුනෙන් දෙකක් අපේක්ෂාවෙන්
Thursday, 02 January 2020 - 7:41 | Views - 451
මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනාගැනීම නව වසරේ තම පක්ෂයේ ප්‍රධාන අපේක්ෂාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමද එක්ව සිටියා.
Share This Article