නව පාසල් වාරය ඇරඹේ - පළාත් 6 ක පාසල්වලට නිල ඇඳුම් වවුචර් බෙදා අවසන්
Thursday, 02 January 2020 - 7:41 | Views - 561
නව වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පාසල් ආරම්භ වීමට පෙර සියලූම පාසල්වල විදුහල්පතිවරුන්ට දෙමව්පියන් සමඟ එක්ව පාසල් පිරිසිදු කිරීමට උපදෙස් ලබාදුන් බවයි.
එමෙන්ම පාසල් නිල ඇඳුම් වවුචර් මේ වනවිට පළාත් හයක පාසල් වෙත බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට නිල ඇඳුම් වවුචර්පත් මෙම සතිය තුළදී බෙදාහැරීමට නියමිතයි.
නිල ඇඳුම් වවුචර් බෙදා අවසන් කර ඇති පළාත්වල විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ අද දිනය තුළ ඒවා දරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
Share This Article