පැය 48 කදී 480 ක් ජාතික රෝහලට - පෙර වසරට සාපේක්ෂව අඩුවීමක්
Thursday, 02 January 2020 - 7:40 | Views - 677
දෙසැම්බර් 30 සහ 31 යන දින දෙකෙහි සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයන් 480 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් කළේ එය 2018 වසරට සාපේක්ෂව සියයට 2.6 ක අඩුවීමක් බවයි.

එම දින දෙක තුළ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ නේවාසික රෝගීන් ගණනද 156 ක් වන අතර, එහි අඩුවීම සියයට 19 ක්.

මාර්ග අනතුරු 110 ක්, ගෙවුණු වසරේ අවසන් දින දෙක තුළ වාර්තාවී තිබෙනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 7 ක අඩුවීමක් බවයි කොළඹ ජාතික රෝහලේ එම ප්‍රකාශිකාව සඳහන් කළේ.

ගිනිකෙළි අනතුරු 4 ක් පමණක් වාර්තාවී ඇති අතර, එහි අඩුවීම පෙර වසරට සාපේක්ෂව සියයට 78 ක්. හිංසන ක්‍රියා හේතුවෙන් රෝහලට ඇතුළත්වූ සංඛ්‍යාව 27 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top