පැය 48 කදී 480 ක් ජාතික රෝහලට - පෙර වසරට සාපේක්ෂව අඩුවීමක්
Thursday, 02 January 2020 - 7:40 | Views - 678
දෙසැම්බර් 30 සහ 31 යන දින දෙකෙහි සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයන් 480 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් කළේ එය 2018 වසරට සාපේක්ෂව සියයට 2.6 ක අඩුවීමක් බවයි.
එම දින දෙක තුළ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ නේවාසික රෝගීන් ගණනද 156 ක් වන අතර, එහි අඩුවීම සියයට 19 ක්.
මාර්ග අනතුරු 110 ක්, ගෙවුණු වසරේ අවසන් දින දෙක තුළ වාර්තාවී තිබෙනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 7 ක අඩුවීමක් බවයි කොළඹ ජාතික රෝහලේ එම ප්‍රකාශිකාව සඳහන් කළේ.
ගිනිකෙළි අනතුරු 4 ක් පමණක් වාර්තාවී ඇති අතර, එහි අඩුවීම පෙර වසරට සාපේක්ෂව සියයට 78 ක්. හිංසන ක්‍රියා හේතුවෙන් රෝහලට ඇතුළත්වූ සංඛ්‍යාව 27 ක්.
Share This Article