ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අද
Thursday, 02 January 2020 - 7:40 | Views - 383

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පිලිබද අවසන් තීන්දුව අද කතානායක කරූ ජයසූරිය වෙත දැනුම්දීමට නියමිතයි.
ඒ අනුව, සභානායක ධුරය සදහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීරත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඒ පිළිබදව අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.
එහිදී විපක්ෂයේ සංවිධායක ධුරය පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකගේ නම ඒ සදහා යෝජනා වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර නව පාර්ලිමේන්තු සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් හෙට ආරම්භවීමට නියමිතයි.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ නව සභාවාරය පෙරවරුවේ ආරම්භවීමෙන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ඉන් අනතුරුව පස්වරු 1ට පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භ වන අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙනු ඇති.
Share This Article