ඉන්දියාවේ තුන්වැනි චන්ද්‍ර මෙහෙයුම වන, Chandrayaan-3 මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය සඳහා එරට රජයේ අනුමැතිය ලැබී ඇත.
ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවාන් මහතා මාධ්‍ය හමුවකට අද(01) එක්වෙමින් මේ බව නිවේදනය කළේය.
2021 වසරේදී මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවේ.
නව මෙහෙයුම Chandrayaan - 2 මෙහෙයුමට සමානව සැලසුම් කර ඇති අතර ඊට ලෑන්ඩර් යානයක් මෙන්ම රෝවර් යානයක් ද ඇතුළත් වේ.
Chandrayaan -2 මෙහෙයුමේදී චන්ද්‍රයා මතුපිටට ගොඩබෑමට අපේක්ෂා කළ ස්ථානයටම Chandrayaan-3 මෙහෙයුමට ඉන්දීය රජයේ අනුමැතිය ද ගොඩබෑමට සැලසුම් කර තිබේ.
ලෑන්ඩර් යානය සහ රෝවර් යානය සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 250 ක් පමණ වෙයි. සමස්ත මෙහෙයුමට තවත් ඉන්දීය රුපියල් කෝටි 365 ක් පමණ වැය වනු ඇත.
(රොයිටර්/ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
226

88 Views
107 Views
272 Views
173 Views
148 Views
161 Views
149 Views
122 Views
187 Views
139 Views
153 Views
222 Views
258 Views
709 Views
46 Views