මේ වසරේ විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත පාඩුව හෙළිවෙයි
Wednesday, 01 January 2020 - 16:41 | Views - 390
මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 12,000 ඉක්මවනු ඇති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසර තුළ විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8500 ක පාඩුවක් ලැබූ බවයි.
රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙලෙස ආයතන රැසක් පාඩු ලබන බවද අමාත්‍යවරයා කියා සිටියා.
Share This Article