ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඬ පැවැත්වීමට හමුදා සහය
Wednesday, 01 January 2020 - 16:39 | Views - 343
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක පැතිරෙන ලැව් ගිනි සමඟ හදිසි තත්ත්වයන් සඳහා ගුවන් හමුදා යානා මෙන්ම පාබල හමුදා සහය ලබාගෙන තිබෙනවා.
මෙලෙස පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 12 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලැව් ගිනි හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ 4000කට අධික පිරිසක් වෙරළ ආසන්න ප්‍රදේශවලට පැමිණ ඇති අතර තවදුරටත් ජනයා එහි පැමිණෙමින් සිටින බවටද වාර්තා වනවා.
සති ගණනාවක් තිස්සේ ඇවිලෙන ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර මිලියන 4 ඉක්ම වූ වන ප්‍රදේශයක් විනාශ වී අවසන්.
එමෙන්ම, නිවාස සහ දේපළ විශාල ප්‍රමාණයක් ලැව් ගින්නෙන් විනාශ වී ඇති අතර, විදුලිය බිඳ වැටීම් ද වාර්තා වුණා.
Share This Article