දියණියට වස පොවා පියෙකු සියදිවි හානිකරගනී
Wednesday, 01 January 2020 - 14:25 | Views - 1,667
මින්නේරිය - ජයන්තිපුර හේන්කොළවැව ප්රදේශයේ පියෙකු 13 හැවිරිදි තම දියණියට වස පොවා ඔහුද සියදිවි හානිකරගෙන තිබෙනවා.
49 හැවිරිදි මොහු ගෙළ වැළලා ගැනීමට පෙර ලිපියක්ද ලියා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මොහුගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් මෙරටට පැමිණ ඇති අතර, ඇය නිවසට පැමිණීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් මෙලෙස සියදිවි හානිකරගන්නා බවයි ඔහු අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ.
Share This Article