සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කෙරෙන පාසල් 37 ක් හෙට විවෘත වේ
Wednesday, 01 January 2020 - 13:23 | Views - 696
පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදා ගන්නා පාසල් 84 න් 37 ක් හෙට අධ්‍යයන කටයුතු සදහා විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉතිරි පාසල් 47 ලබන 6 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදුකෙරෙන අතර එහි පළමු අදියර පසුගිය දෙසැම්බර් 26 සිට මේ මස 4 වනදා දක්වා ක්‍රියාත්මකයි.
Share This Article