ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට ඉන්දියාවට
Wednesday, 01 January 2020 - 13:01 | Views - 617
විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය ලබන 05 වනදා ආරම්භ විමට නියමිතයි.
ඉන්දියාවට එරෙහි පන්දුවාර විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිලට ඇන්ජලෝ මැතිව්ස් කලකට පසු එක්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කලේ.
Share This Article