පාර්ලිමේන්තුවේ තනතුරුවලට දිනේෂ්, අමරවීර සහ ගයන්ත යෝජනා වෙයි
Wednesday, 01 January 2020 - 12:57 | Views - 1,049

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පිලිබද අවසන් තීන්දුව හෙට දිනයේ කතානායක කරූ ජයසූරිය වෙත දැනුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, සභානායක ධුරය සදහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහින්ද අමරවීරත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඒ පිළිබදව අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද හෙට පැවැත්වෙනවා.
එහිදී විපක්ෂයේ සංවිධායක ධුරය පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකගේ නම ඒ සදහා යෝජනා වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ.
මේ වනවිට කල් දමා ඇති පාර්ලිමේන්තු සභාවාරය අනිද්දා දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
එහිදී ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු එදින පස්වරුව දක්වා පාර්ලිමේන්තුව කල් තැබෙනවා.
ඉන් අනතුරුව, පස්වරු 1 ට පාර්ලිමේන්තුව යළි රැස්වන අතර, එහිදී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනු ඇති.
Share This Article