සහල් මිල ඉදිරි සතියේදී පහළ යන ලකුණු
Wednesday, 01 January 2020 - 12:53 | Views - 615
ඉහල ගොස් ඇති සහල් මිල ඉදිරි සතිය තුලදි පහල දැමීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
හොරණ ඩිපෝවේ අද පැවති පොල් පැල සිටවීමේ වැඩ සටහනකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සැලසුමක් අනුව සහල් මිල පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.
මේ අතර, රාජ්‍ය ආයතනවල වෙනස්කම් සිදුකර ජනතා සේවය උපරිම අයුරින් ලබාදීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදිය යුතු බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article