දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට
Wednesday, 01 January 2020 - 12:32 | Views - 455
නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නේවාසික ප්‍රතිකාර සදහා සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ අද උදෑසන මන්ත්‍රීවරයාව මෙලෙස සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර ඇති බවයි.
සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පියවර ගත්තා.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා සමග එම මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඞ් මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article