තමන්ව රවටා මස්සිනා එක්ක සබඳකම් පැවැත්වු පෙම්වතියට විවාහය දවසේ මනමාලයා කළ දේ
Wednesday, 01 January 2020 - 11:24 | Views - 880

විවාහ මංගල්‍යයක් කියලා කියන්නේ තරුණ වයසේ ඉන්න හැමෝගෙම වගේ හිතේ තියන හීනයක්. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම පවතින උන්මාදයක් කිව්වොත් හරි. ආදරයෙන් බැඳුනු දෙන්නෙක් කාලයක් තිස්සේ පෙරුම් පුරලා පුරලා විවාහය වෙනුවෙන් හීන දකින්නේ සූදානම් වෙන්නේ ඒ දවස තමන්ට හැකි උපරිමයෙන් ලස්සන කරගන්න හිතාගෙන. 

මේ කතාවත් ඒ වගේම බොහොම ලස්සන විවාහ මංගල්‍යයක් උත්සවයක් ගැන. ලංකාවේ නෙමෙයි වෙනත් රටක පැවැත්වුණු. ඉතින් ආරම්භයේ ඉඳලම බොහොම අපූරුවට පැවැත්වුණු මේ විවාහ මංගල්‍යය මැද හරියේදී හිතපු නැති පැත්තකට හැරෙනවා. සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වුනු මේ වීඩියෝ එකත් එක්ක ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තිබුනා. 

මේක ඇත්තටම සාමාන්‍ය විවාහ උත්සවයක් තරම්ම සුන්දර එකක් නෙමෙයි. මොකද මේ විවාහය අතරතුර සිදු වෙන්නේ කිසිම කෙනෙක් නොහිතපු ආකාරයේ සිද්ධියක්. පැමිණි සියල්ලන් විසින් මනාල යුවල පිළිගනිමින් ඉන්න අවස්ථාවක් ඒක. ඔවුන් දෙදෙනා වේදිකාව මත සිටගෙන සිටිනවා. තරුණියක් විසින් පිළිගැනීමේ කතාවක් සිදු කරමින් ඉන්නවා. ඒ අතරේ ඔවුන් පිටුපස ඇති තිරයේ සුබපැතුම් සහිත වීඩියෝවක් තමයි විකාශය වෙමින් තිබෙන්නේ. හිටි හැටියේම ඒක අතරමග නවතින්නේ නිරුවත් එක් තරුණියක් තවත් තරුණයෙකු සමග යහන්ගත වෙලා ඉන්න දර්ශනයක් එක්ක. මේ වෙන කවුරුවත් නෙමෙයි ඒ මොහොතේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඉන්න මනමාලියයි. ඇය සමග ඒ වීඩියෝවේ ඉන්නේ ඇයගේ මස්සිනා කෙනෙක් බවයි දැනගන්න ලැබෙන්නේ. 

කොහොම වුනත් මේ වැඩේ කරලා තියෙන්නේ මනමාලයා විසින්ම තමයි කියලා පස්සේ දැනගන්න ලැබෙනවා. තමන්ගේ පෙම්වතිය වංචාකාරියක් කියලා දැනගන්න පෙම්වතා ඇයට දඬුවම් දෙන්න තෝරාගන්නේ ඔවුන්ගේ විවහ උත්සවය දවසයි. තමන්ව රවට්ටමින් වෙනත් තරුණයෙකු හා යහන්ගතවුණු මේ වීඩියෝව පැමිණි සියලු පිරිස මවිතයට පත්කරනවා. ඒ මොහොතේ ඇය පත්වන අපහසුතාවය ඔබට හිතාගන්න පුළුවන් නේද? ය තම මල් කළඹෙන් මනාලයා වෙත දමා ගසනවා. කලයුත්තේ කුමක්ද යන්න හරි හැටි නොවැටහෙන පැමිණි අමුත්තන් පිරිස මවිතවූ දෑස්වලින් යුතුව බලාගෙන ඉන්නවා. 

කොහොම වුනත් මේ කතාව මේ වෙද්දී ලෝකය පුරා ලොකු පිරිසකගේ අවධානයට ලක්වුණ එකක් කියලා තමයි කියන්න තියෙන්නේ.   

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top