60 හැවිරිදි කෝටිපති ඩුබායි කත සමග ඉතා කිට්‌ටු ඇසුරක්‌ පවත්වා කෝටි 3 1/2ක රන් උස්‌සා ලංකාවට පැන්න තරුණයා
Wednesday, 01 January 2020 - 8:27 | Views - 11,789
 ඩුබායි හි පදිංචි කෝටිපති 60 හැවිරිදි ධනවත් විවාහක කාන්තාවකගේ නිවසේ සේවය කරමින් සිට පසුව එම නිවසින් රුපියල් කෝටි 3 1/2 ක රන් අභරණ සහ රුපියල් ලක්‌ෂ 10 ක විදේශ මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන තරුණයකු දෙසැම්බර් 30 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මහත්මිය නියෝග කළාය.
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අනුව මෙහි සැකකරු වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික විතාන (30) නමැති අවිවාහකයෙකි. මෙහිදී පැමිණිල්ලෙන් අනාවරණය වූ පරිදි මෙම සැකකරු ඩුබායි හි පදිංචි කෝටිපති ධනවත් කාන්තාවකගේ නිවසේ සේවය කර ඇත.
 
 ටික කලකදී සැකකරු මෙම ධනවත් කත සමග හිතවත්වී පසුව ඇය සමග ඉතා කිට්‌ටු ඇසුරක්‌ පවත්වා ඇත. ඒ අතරතුර ධනවත් කත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත. මෙම වකවානුවේ සැකකරු ධනවත් කතගේ රන් අභරණ සහ විදේශ මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණ ඇත. මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 30 වැනිදා පැවත්වෙයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top