හොරොව්පතානේදී අලි දෙදෙනෙකුට, විදුලිසැර වද්දවා මරා දැමූ තිදෙනෙකු අත්අඩංගුවට
Wednesday, 01 January 2020 - 7:56 | Views - 403
හොරොව්පතාන - දෙමටවැව - වස්සැලැගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීමට සලස්වා වනඅලි දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ පුද්ගලයෙකු සිය නිවස පිටුපස පිහිටි බඩඉරිගු වගා බිමක් වටා ඇද තිබූ විදුලි රැහැනක වැදීමෙන් එහි පැමිණි වන අලි දෙදෙනා පෙරේදා පස්වරුවේ මියගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙලිව ඇති බවයි.
පසුව මොහු එක් අලියෙකු ට්‍රැක්ටරයක පටවා ගෙන ගොස් අසල කැලෑවකට දමා තිබුණා. පොලීසියට ලද තොරතුරකට අනුව ඔවුන් එහි පැමිණෙන අවස්ථාවේදී විදුලිසැර වැදුණු අනෙක් අලියා එම වගා බිමේ වැටී සිට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අනුරාධපුර වනජිවි කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ සදහන් කළේ විදුලිසැර වැදීමෙන් මෙම වනඅලි මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද තහවුරු වූ බවයි.
මේ අතර, කැබිතිගොල්ලෑව, දුටුවැව - 13 කණුව ප්‍රදේශයේදී ද අවුරුදු 20 ක් පමණ වයසැති, වනඅලියෙකුගේ සිරුරක් ඊයේ සොයා ගැනුණා.
Share This Article