පෞද්ගලික බස් රථවල, ඝෝෂාකාරී සංගීතය තහනම්
Wednesday, 01 January 2020 - 7:56 | Views - 368
අද සිට පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත දහසක් ඇතුළත් සංයුක්ත තැටි බස් රථවලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.
පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී ලෙස ගීත හා වීඩියෝ පට වාදනය කරන්නේ නම් 1955 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article