උදාවූයේ සෞභාග්‍යයේ වසරයි - ජනපති නව වසරට, සුබ පැතුම් එක් කරමින් කියයි
Wednesday, 01 January 2020 - 7:55 | Views - 1,022
නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්රයකම නව යුගයක සම්ප්රාප්තියක් අපේක්ෂාවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නව වසරට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ උදාවූයේ සෞභාග්‍යයේ වසර බවයි.
අපේම දැක්මක් සහිත රටක් ලෙස අත්පත් කර ගත් අතීත ජයග්‍රහණ බොහෝ පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
එසේම, විනයගරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්රමුඛ අපේක්ෂාව බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබපැතුම් පණිවුඩයෙන් සදහන් කර ඇත්තේ.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සදහා වන කටයුතු මේ වසර තුළ පහසුවනු ඇති බවයි.
එය රටේ තරුණ පරපුර ක්‍රියා කරන ආකාරයෙන්ම පැහැදිලි වන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
අදින් ආරම්භ වන 21 වන සියවසේ තුන්වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත් කර ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
Share This Article