උදාවූයේ සෞභාග්‍යයේ වසරයි - ජනපති නව වසරට, සුබ පැතුම් එක් කරමින් කියයි
Wednesday, 01 January 2020 - 7:55 | Views - 1,023
නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තියක් අපේක්ෂාවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නව වසරට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ උදාවූයේ සෞභාග්‍යයේ වසර බවයි.

අපේම දැක්මක් සහිත රටක් ලෙස අත්පත් කර ගත් අතීත ජයග්‍රහණ බොහෝ පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එසේම, විනයගරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබපැතුම් පණිවුඩයෙන් සදහන් කර ඇත්තේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සදහා වන කටයුතු මේ වසර තුළ පහසුවනු ඇති බවයි.

එය රටේ තරුණ පරපුර ක්‍රියා කරන ආකාරයෙන්ම පැහැදිලි වන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අදින් ආරම්භ වන 21 වන සියවසේ තුන්වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත් කර ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top