CIA හෙළිකරගත් මොරගහකන්දේ ජල කාන්දුව
Tuesday, 31 December 2019 - 21:29 | Views - 4,372

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ මේවන විට විශාල ජල කාන්දුවක් මතුව තිබෙනවා.
ජලාශය භාර බලධාරීන් ජනතාවගෙන් සැඟවීමට උත්සාහ දරණ මෙම ජල කාන්දුව රට හමුවේ හෙළිදරව් කිරීමටයි අද සී.අයි.ඒ. වෙන්වන්නේ.
මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය යනු මෙරට දශක 4කට පසු ඉදිකෙරුණු විශාලතම වාරි ව්‍යාපෘතියයි.
අක්කර අඩි හාරලක්ෂ 60,000 ක් වන මොරගහකන්ද ජලාශයෙන් කුඹුරු අක්කර 80,2000 ක් අස්වැද්දීමට හා උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට ජලය සැපයීම අරමුණු කර ගැණුනා.
මේවන විට මුහුදු මට්ටමේ සිට මීටර් 180 ක් උපරිම ජල සීමාව ජලාශය සපුරාගනිමින් පවතිනවා.
එසේ පවතිද්දී, මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලෙන් විශාල ජල කාන්දුවක් සිදුවන බව හිරු සී.අයි.ඒ. අනාවරණ කර ගත්තා.
මේවන විට කොළ පැහැති දැල් ආවරණයක් යොදාගනිමින් අදාළ ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට ආවරණය කර ඇති අතර,
කාන්දුවන ජලය නළ මාර්ග යොදාගනිමින් නැවත ඇළ මාර්ගයකට යොමුකිරීමට මොරගහකන්ද ජලාශ වේල්ල ඉදිකළ චීන සමාගම කටයුතු කරමින් සිටිනවා.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම ජල කාන්දුව පිළිබඳව මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතාගෙන් විමසීමක් කළා.
ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මෙය සුළු ජල කාන්දුවක් බව ප්‍රකාශ කළ ද මෙම ආවරණය යොදා ජලකාන්දුව ජනතාවගෙන් සැගවීමට ප්‍රථම හිරු සී.අයි.ඒ. මෙහි දර්ශන ලබාගත්තා.
ජල කාන්දුව නතර කර ගැනීම සදහා ඉදිකිරීම් සිදුකළ චීන සමාගම මේ වනවිට පැලැස්තර යොදමින් පවතිනවා.
විදෙස් සමාගම් විසින් සිදුකළ බහුතරයක් රජයේ ව්‍යාපෘති මෙරට ජනතාවට පසුගිය කාලයේ භුක්ති විඳීමට සිදුවූයේ පැලැස්තර සහිතව බව රහසක් නොවේ.
මෙම ව්‍යාපෘතිය ද ජනතාවට බරක් වන ව්‍යාපෘතියක් බවට පත් නොකොට වගකිව යුතු රජයේ බලධාරීන් වහා මේ පිළිබද වගකීමකින් යුතුව සොයා බැලිය යුතු නොවේද ?
Share This Article