සිව්දෙනෙකුගේ අවසන් ගමන් ගිය අනතුර
Tuesday, 31 December 2019 - 21:26 | Views - 624
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල - දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද අලුයම කන්ටේනර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්, ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4ට පමණ.

කොළඹ සිට මහනුවර බලා ගමන් කළ කන්ටේනර් රථයක, කොළඹ දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් සියලු දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටියදීයි.

පොලිස් මූලික විමර්ශන වලදී ආනාවරණය වී ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
කෙසේවෙතත්, කන්ටේනර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ සිරුරු අද පස්වරුවේ වනවිටත් වරකාපොල රෝහලේ තැන්පත් කර තිබුණා.

අම්පාර - වලගම්පුර ප්‍රදේශයේ පදිංචි  39 හැවිරිදි කෝප්‍රල් චමින්ද සමන් කුමාර මහතා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු තිදරු පියෙක්.
කෑගල්ල - බල්ලපාන විල්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කෝප්‍රල් රුවන් දිසානායක මහතාද මියගිය අය අතර වනවා.

මියයන විට ඔහු දෙදරු පියෙක්.

අනතුරින් කහටගස්දිගිලිය රන්පත්විල උතුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 37 හැවිරිදි කෝප්‍රල් සමන් කුමාර කුලවිට මහතාටද දිවි අහිමි වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය පදවාගෙන ගිය නායක ගුවන් භට රංජිත් ප්‍රසන්න මහතාද මෙම අනතුරින් මියගිය අතර ඔහු කොස්ගම - රන්දෙව්ගම පදිංචි අයෙක්.

මියයන විට 28 වැනි වියේ පසුවූ රංජිත් ප්‍රසන්න මහතාද විවාහකයෙක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top