අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අධිකරණයට
Tuesday, 31 December 2019 - 16:16 | Views - 535
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ වනවිට රැගෙනවිත් තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඔහුව අධිකරණයට රැගෙන ආ බවයි.
සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි.
බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ නියෝගයක් ද නිකුත් කළා.
Share This Article