උතුරු ඉන්දියාවේ අධි ශීත කාලගුණය තවදුරටත් - දුම්රිය සහ ගුවන් ගමන්වලට බාධා
Tuesday, 31 December 2019 - 14:03 | Views - 442
උතුරු ඉන්දියාව පුරා පවතින ශීත වා දහර හේතුවෙන් නවදිල්ලි අගනුවර අද සටහන් වූයේ වසර 119කින් අවම උෂ්ණත්වයයි.
දිල්ලියේ උෂ්ණත්වය අද (31) සෙල්සියස් අංශක 3 දක්වා පහත වැටුණු අතර, උපරිම උෂ්ණත්වය අංශක 11ක් ලෙස සටහන් වුණා.
ශීත කාලගුණයත් සමඟ ඝන මීදුමක් නිර්මාණය වීම නිසා දුම්රිය සහ ගුවන් ගමන්වලට ද බාධා පැමිණ තිබෙනවා.
දිල්ලියේ දුම්රිය 34ක්, අද පමා වී ධාවනය වී ඇති අතර, ගුවන් ගමන් රැසක්ම අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
අධික ශීතල මෙන්ම පරිසර දූෂණය ද දිල්ලියේ දැන් ඉහළම මට්ටමකට පැමිණ ඇති අතර, වායු තත්ත්ව දර්ශකය අද අනතුරුදායක 430 සීමාව පසුකළ බව සඳහන්.
උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක්ම මේ වන විට ඝන මීදුමෙන් වැසී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
Share This Article