වසර අවසානයේ ICC ටෙස්ට් දර්ශකයේ පෙරමුණට කෝලි සහ පැට් කමින්ස්
Tuesday, 31 December 2019 - 13:37 | Views - 435
වසර අවසානයේ අයි.සී.සී, ටෙස්ට් දර්ශකයේ පෙරමුණ ගැනීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් සමත් වී තිබෙනවා.
ඒ, ටෙස්ට් පිතිකරු සහ පන්දු යවන්නන්ගේ දර්ශකවල මුල් තැන හිමි කර ගනිමින්.
වසර අවසානය ඇතුළු 2019 වසරේ දින 274ක් පිතිකරු දර්ශකයේ මුල් තැන කෝලිට හිමි වූ අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් දින 91ක් එම ස්ථානයේ රැදී සිටියා.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ටෙස්ට් ක්‍රීඩකයන් අතර මුල් තැන කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ට හිමිව තිබෙනවා.
ටෙස්ට් පිතිකරු දර්ශකයේ ඉහළම ස්ථානයක් එනම්, එහි 11 වන ස්ථානය හිමිකරගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්නයි.
මීට අමතරව අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ වසර අවසානයේ මුල් තැන ඉන්දියාවටත්, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමිව ඇති අතර, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පිළිවෙලින් එහි තුන්වන සහ හතරවන ස්ථාන හිමිකරගෙන සිටිනවා.
Share This Article