ගුවන් හමුදාවේ සිව් දෙනෙකුට මරු කැඳවූ, වරකාපොළ අනතුරට හේතුව
Tuesday, 31 December 2019 - 12:41 | Views - 3,147
වරකාපොළ - දුම්මලදෙනිය ප්‍රදේශයේදී හතර දෙනෙකුට මරු කැදවමින් අද (31) අලුයම සිදුවූ රිය අනතුරට හේතු වී ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම බවට අනාවරණ වී තිබෙනවා.

ත්‍රිරෝද රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් ගුවන් හමුදාවේ සාමාජිකයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනු ලබන හමුදා සාමාජිකයින්.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 18, 28, 37 සහ 38 වයස්වල පසුවූ කහටගස්දිගිලිය, බල්ලපාන, කොස්ගම සහ වරහන්කාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් මාතලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මාවනැල්ලේ සිට හෙම්මාතගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹල්ගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අද (31) උදෑසන සිදුවූ රිය අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top