ගුවන් හමුදාවේ සිව් දෙනෙකුට මරු කැඳවූ, වරකාපොළ අනතුරට හේතුව
Tuesday, 31 December 2019 - 12:41 | Views - 3,148

වරකාපොළ - දුම්මලදෙනිය ප්‍රදේශයේදී හතර දෙනෙකුට මරු කැදවමින් අද (31) අලුයම සිදුවූ රිය අනතුරට හේතු වී ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම බවට අනාවරණ වී තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් ගුවන් හමුදාවේ සාමාජිකයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔවුන් රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනු ලබන හමුදා සාමාජිකයින්.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 18, 28, 37 සහ 38 වයස්වල පසුවූ කහටගස්දිගිලිය, බල්ලපාන, කොස්ගම සහ වරහන්කාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් මාතලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
කෙසේ වෙතත්, අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, මාවනැල්ලේ සිට හෙම්මාතගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹල්ගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අද (31) උදෑසන සිදුවූ රිය අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Share This Article