බස් රථයක් පෙරලියාමෙන් 8දෙනෙකු රෝහලේ
Tuesday, 31 December 2019 - 11:39 | Views - 445
මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයේ කුබල්ගම ප්රදේශයේදී බස් රථයක් පෙරළියාමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද (31) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
බස් රථයේ රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට තිබෙනවා.
හෙම්මාතගම පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article