මුලතිව් මුහුදේ ගිලී අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර සොයා ගැනේ
Tuesday, 31 December 2019 - 11:22 | Views - 409
මුලතිව් - නයාරු මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි 16 හැවිරිදි සිසුවාගේ සිරුර වෙරළට ගොඩ ගසා තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා.
පෙරේදා දහවල් සිය ඥාතීන් සමඟ විනෝද චාරිකාවක් පැමිණි අවස්ථාවේ දියේ ගිලී අදාළ සිසුවා සහ ඔහුගේ 55 හැවිරිදි පියා අතුරුදන් වුණා.
පියාගේ මළ සිරුර එදිනම සොයා ගනු ලැබුව ද, සිසුවාගේ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
මෙලෙස මිය ගියේ කැළණිය - දළුගම ප්රදේශයේ පදිංචි පියෙක් සහ පුතෙක්.
Share This Article