සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට
Tuesday, 31 December 2019 - 11:09 | Views - 5,594
සිය සැමියා කපා කොටා ඝාතනය කර මහමඟ ගමන් ගනිමින් සිටි කාන්තාවක් දොඹවෙලගම දී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (54) හැවිරිදි කාන්තාවකි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඳුවැව,ගොවිසෙවණ,නොච්චියාගම යන ලිපිනයේ පදිංචිව සිටි පි.ගුණදාස (56) හැවිරිදි පෙදරේරුවෙකි.
නොච්චියාගම පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් මෙම ප්රදේශයේ මුර සංචාරයේ නිරතව සිටියදී පිහියක් සහ යකඩ ඉන්නක් රැගෙන ලේ තැවරුණු ඇඳුමකින් සැරසුණු කාන්තාවක් මහමඟ ගමන් ගන්නා බවට පුද්ගලයකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබු කාන්තාවක් කිසියම් අපරාධයකට සම්බන්ධ බවට පොලිස් නිලධාරින් ඇය සමඟ නිවසට ගොස් පරික්ෂා කිරිමේදී කාමරයක් තුළ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි අයගේ සිරුර සොයා ගෙන තිබේ.
කාන්තාව කාලයක් තිස්සේ මානසික ආබාධයකින් පෙලෙන්නියක් බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
Share This Article