යුද හමුදාවට එක්වූ බව කියන තිසරගේ ඡායාරූප කිහිපයක් සමාජ ජාල මාධ්‍ය කළඹයි (ඡායාරූප)
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ ගජබා පාබල රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස යුද හමුදාව හා එක්වූ පුවතක් පසුගියදා වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් වන ඡායාරූප කිහිපයක් පිළිබදව සමාජ ජාල මාධ්‍ය පරිශීලකයන්ගේ අවදානය මේ වනවිය යොමුව තිබෙනවා.
මේ අතර ඉන්දියාව සමඟ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කෙරුණා.
මෙම සංචිතයට තිසර පෙරේරා ඇතුළත් නොවීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලිය තුලදී ඩකා ප්ලේටූන් කණ්ඩායම නියෝජනය කළ තිසර 20-20 පිටිය තුල දක්ෂතා දැක්වීමට සමත් වුණා.