CIDයට භාර වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
Tuesday, 31 December 2019 - 10:05 | Views - 485
සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු අද (31) උදෑසන එම දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි.

සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අතර, එහිදී ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.

බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ නියෝගයක් ද නිකුත් කළා.

Update : Tuesday, December 31, 2019, 9.53AM
---------------------------------------------------------------------

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ රූමි මොහොමඩ් CIDයට භාරවෙයි

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූ දෙදෙනාට මුදල් ලබාදුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මීට සුළු වේලාවකට පෙර රහස් පොලිසියට භාර වී තිබෙනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top