CIDයට භාර වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
Tuesday, 31 December 2019 - 10:05 | Views - 486

සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු අද (31) උදෑසන එම දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි.
සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අතර, එහිදී ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.
බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ නියෝගයක් ද නිකුත් කළා.
Update : Tuesday, December 31, 2019, 9.53AM
---------------------------------------------------------------------
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ රූමි මොහොමඩ් CIDයට භාරවෙයි
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූ දෙදෙනාට මුදල් ලබාදුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මීට සුළු වේලාවකට පෙර රහස් පොලිසියට භාර වී තිබෙනවා.
Share This Article