පාඨලී අත්අඩංගුවට ගත්තේ නීත්‍යානුකූලවයි - වැඩබලන පොලිස්පති, පොලිස් කොමිසමට දන්වයි
Tuesday, 31 December 2019 - 8:30 | Views - 438
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලව සිදුකළ බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.
පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා මේ බව වාචිකව දැනුම් දුන් බවයි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන්ට අනුකූලව නොවන බවට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පසුගිය දා චෝදනා කළා.
කථානායක කරු ජයසූරිය ද වැඩබලන පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණා.
පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ නීත්‍යානුකූල තත්ත්වය සම්බන්ධයෙන් තමන් කථානායකවරයා ද දැනුවත් කිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ප්‍රකාශ කළ බවයි පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ.
Share This Article