ත්රිරෝද රථයක් සහ ට්රක් රථයක් ගැටී සිව්දෙනෙකු මරුට
Tuesday, 31 December 2019 - 8:23 | Views - 1,216
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ - දුම්මලදෙනිය ප්රදේශයේදී අද (31)අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ත්රිරෝද රථයක් සහ ට්රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
අනතුරෙන් ත්රිරෝද රථයේ ගමන් කළ 4 දෙනාම මිය ගොස් තිබෙනවා.
ඔවුන් ගුවන් හමුදාවේ සාමාජිකයන් බවටයි අනාවරණ වී ඇත්තේ.
මිය ගිය පුද්ගලයින් කහටගස්දිගිලිය, බල්ලපාන සහ කොස්ගම යන ප්රදේශවල පදිංචිකරුවන්.
Share This Article