බිරියගේ ගෙල සිරකර මරා දැමූ සැමියා අත්අඩංගුවට
Tuesday, 31 December 2019 - 8:12 | Views - 2,846
කඳාන බන්ඩිගොඩ පල්ලිය පාරේ අරලිය උයනේ නිවෙසක විසු තිදරු මවක පෙරේදා (29) රාත‍්‍රි ගෙල සිරකර මරා දමා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි ඇගේ සැමියාව සැකපිට අත්අඩංගුවට ගත් බවත් කඳාන පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බණ්ඩිගොඩ අරලිය උයනේ නිවෙසක පදිංචිව සිටි 29 හැවිරිදි මහේෂ් රත්නම් නිමේශා තුශානි නමැති අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් නිසා ඇතිවුණ බහින් බස්වීමක් දුර දිග යෑමෙන් මේ සිද්ධිය ඇතිවී ඇති බවය. මරණකාරියට වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකුත්, 10 හැවිරිදි ගැහැණු දරුවෙකුත් මාස පහක් වයසැති පිරිමි අත දරුවෙකුද සිටින බව මෙහිදී අනාවරණය වී ඇත. 32 හැවිරිදි සැකකරු අද (30 දා) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝහන මුණසිංහ මහතාගේ
මෙහෙය වීම මත අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජී. අලවත්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Share This Article