රාත‍්‍රී සමාජ ශාලාවේ නළඟන සහ කළමනාකරු ව්‍යාපාරිකයාගේ සාක්කුව අතගා ලක්‍ෂ 14කට විදී
Tuesday, 31 December 2019 - 8:09 | Views - 2,218
සීදූව, ලියනගේමුල්ල ප‍්‍රදේශයේ රාත‍්‍රී සමාජ ශාලාවකට පැමිණි කොළඹ එක්තරා ප‍්‍රදේශයක පදිංචි ධනවත් ව්‍යාපාරික මහතෙක් එම සමාජ ශාලාවේ නළඟනකගේ හැටහතර මායමකට හසුවී රුපියල් දාහතර ලක්ෂයක් දන්දී ඇත. ව්‍යාපාරිකයා පුරුද්දක් ලෙස ලියනගේමුල්ල සමීපයේ ඇති රාත‍්‍රී සමාජ ශාලාවට නිරන්තරයෙන්ම පැමිණෙන පුද්ගලයෙකි.

එම ව්‍යාපාරිකයා සෑම අවස්ථාවකම විශාල මුදලක් රැුගෙන එන බව එහි කළමනාකරු ඉතා හොඳින් දැනගෙන සිට ඇත. පසුගිය දිනක මෙකී ව්‍යාපාරිකයා පමණට වඩා සූර්වී රාත‍්‍රී සමාජ ශාලාව වෙත පැමිණ එහි සිටි රූමත් නළඟනක් සමග ඇති පදමට පහස ලබා ගනිමින් සිටියදී ව්‍යාපාරිකයාට නොතේරෙන අන්දමින් ඔහුගේ සාක්කුවේ තිබී ඇති වාහනයේ යතුර නළඟන විසින් රැුගෙන ඇත. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ළ`ග රුපියල් ලක්ෂයක පමණ මුදලක් තිබී ඇති මුත්, තවත් රුපියල් ලක්ෂ 49 ක් ඔහුගේ සුඛෝපභෝගී ජීප් රථය තුළ ඇති කැබිහෝල් එකේ තබා පැමිණ ඇති අතර එම මුදල් එම ස්ථානයේ තබනවා දුටු සමාජ ශාලාවේ කළමනාකරු විසින් නළඟන යොදවා රැුගත් වාහනයේ යතුරෙන් වාහනයේ දොර කිසිවකුටවත් සැක නොසිතෙන අයුරින් විවෘත කර කැබිහෝල් එකේ තිබූ රුපියල් ලක්ෂ හතළිස් නමයෙන් අතට අසුවූ ප‍්‍රමාණයට පන්දාහේ බණ්ඩල්වලින් රුපියල් දහහතර ලක්ෂයකට ආසන්න මුදලක් රැුගෙන රථයේ දොරගුලූ දමා නැවතත් නළඟන ම`ගින්ම වාහනයේ යතුර ව්‍යාපාරිකයාගේ සාක්කුවට දමා ඇත.

පසුව පැය කීපයකට පසු අලූයම් කාලයේ මෙකී ව්‍යාපාරිකයා නික්ම යන්නේද වෙනදා මෙන් ඉතා සුහදශීලීවමය. එලෙස පිටව යන ව්‍යාපාරිකයා යම් හේතුවකට රථය නවත්වා මතකය අවදිකර කැබිහෝල් එක විවෘත කර බලන්නේ යම් මුදලක් එළියට ගැනීමේ බලාපොරොත්තු වෙන්ය. තම මුදල් පාර්සලය වෙනස්වී ඇති බව දුටු ඔහු තමන් ගෙනා පන්දාහේ මුදල් නෝට්ටු ටික ගණන් බලා ඇත. එහිදී ලක්ෂ 14 ක මුදලක් අඩු බව දැනගෙන එය නැතිවනවා නම් නැති වන්නේ අදාළ සමාජ ශාලාවේදී මිස වෙන කොහේදීවත් නොවන හෙයින් නැවත මෝටර් රථය හරවාගෙන සමාජ ශාලාව වෙත පැමිණයද ඒ වනවිටත් සමාජ ශාලාව දොරගුලූ දමා වසා ගොස් ඇති බව ආරක්ෂක නිලධාරියෙකුගෙන් දැනගෙන ඇත.

ඉන් අනතුරුව ව්‍යාපාරිකයා සීදූව පොලිසිය වෙත පැමිණ මෙම සිදුවීම පොලිසියේ පැමිණිලි භාරව සිටි නිලධාරියාට පවසා පැමිණිල්ලක් දමා ඇති අතර ඔහු විසින් එම සිදුවීම පොලිසියේ උසස් නිලධාරියෙකුට දුරකථනයෙන් දන්වා ඇත.

අනතුරුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටියගේ මහතාගේ නියෝගයෙන් පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ සෘජු අධීක්ෂණයෙන් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර මහතා පරීක්ෂණ ආරම්භ කර සමාජ ශාලාවේ කළමනාකරුව රැුගෙන විත් විමර්ශනය කර ඔහු කළ පාපොච්චාරණයෙන් පසු ඔහුගේ නිවසේ අල්මාරියක් යට දමා තිබූ රුපියල් දහතුන් ලක්ෂ විසිපන්දහසක මුදල සොයාගෙන ඇති අතර ඉන් රුපියල් පනස්දහසක මුදලින් එකී කළමනාකරු රේස් බයි රේස් එකක් දමා පැරදුන බවද සීදූව පොලීසියට පවසා ඇත.

පසුව මෙම සොරකමට අත් උදව් දුන් අදාළ නළඟනවද අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත පමුණුවා පැමිණිලිකරුට එම සොයාගත් මුදල් නිදහස් කර සැකකාර කළමනාකරුව සහ නළඟනව මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top