එජාපයේ මන්ත්‍රීවරුන් සහල් මිල ගැන සොයන්න වෙළඳපොලට
Monday, 30 December 2019 - 19:39 | Views - 1,250
වෙළඳපොලේ අලෙවි වන සහල් මිල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
මේ, එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා සඳහන් කළේ රජයේ උපරිම සිල්ලර මිල වන රුපියල් 98 ට අලෙවි වන සහල් ගුණත්වයෙන් නොමැති බවයි.
කෙසේ වෙතත්, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වෙළඳසැල් හිමියන් කිහිපදෙනෙකු ඉන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඉහළ ගුණත්වයකින් යුත් සහල් අලෙවි වන බවයි.
එහි කිසිදු ගැටලුවක් නොමැති බව ද ඔවුන් කියා සිටියා.
Share This Article