'හිරු ගොවි සංග්‍රාමය' ජනවාරි 09 වනදා ඇරඹේ
Monday, 30 December 2019 - 19:05 | Views - 1,349
අභිමානවත් පැරකුම් යුගයකට පෙරමුණ ගෙන මාතෘභූමියේ සියලුම පුරන්කුඹුරු අස්වැද්දීමේ මහඟු කර්තව්‍ය සදහා හිරු මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් වැඩසටහනක් ආරම්භ කෙරෙනවා.

ඒ අනුව, ජාතිකාභිමානයෙන් එක්ව නැගී සිටින ජීවයෙන් පිරුණු තරුණ ජවය පිරිවරා ගනිමින් එහි පළමු වැඩසටහන එළඹෙන වසරේ ජනවාරි 09 වනදා උදෑසන ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම - බඩඅමුණු යායෙන් ආරම්භ කිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්.

ඊට පෙර දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා ත්‍රිවිධරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ගම්වාසීන් සියලූම දෙනාගේ සහභාගිත්වයෙන් මෙම මහඟු කර්තව්‍ය ආරම්භ කිරීමට නියමිතයි.

මෙරට පුරන්ව ඇති සියලූම කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ පෙරදැරිව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයකට අනුවයි ‘‘හිරු ගොවි සංග්‍රාමය - තුන් හෙළයේ රන්කෙත් උදානය’’ වැඩසටහන නිර්මාණය වන්නේ.

ඒ අනුව, අක්කර 109 ක් වූ ගාල්ල දිසාවේ හිනිදුම් පත්තුවේ, තවලම - බඩඅමුණ පුරන්කුඹුරු යාය අස්වැද්දවීමට මේ වනවිටත් ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු ගම්වාසීන් සියලූම දෙනා දැඩි උද්යෝගයකින් එක්ව සිටිනවා.

ඉතිහාසයේ නොමැකෙන සටහනක් වන මෙම උදාරතර අවස්ථාව ජනවාරි 09 වනදා උදෑසන සිට සජීවිව අත්දැකීමට හිරු ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව හිමිවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top