'හිරු ගොවි සංග්‍රාමය' ජනවාරි 09 වනදා ඇරඹේ
Monday, 30 December 2019 - 19:05 | Views - 1,350

අභිමානවත් පැරකුම් යුගයකට පෙරමුණ ගෙන මාතෘභූමියේ සියලුම පුරන්කුඹුරු අස්වැද්දීමේ මහඟු කර්තව්‍ය සදහා හිරු මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් වැඩසටහනක් ආරම්භ කෙරෙනවා.
ඒ අනුව, ජාතිකාභිමානයෙන් එක්ව නැගී සිටින ජීවයෙන් පිරුණු තරුණ ජවය පිරිවරා ගනිමින් එහි පළමු වැඩසටහන එළඹෙන වසරේ ජනවාරි 09 වනදා උදෑසන ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම - බඩඅමුණු යායෙන් ආරම්භ කිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්.
ඊට පෙර දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා ත්‍රිවිධරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ගම්වාසීන් සියලූම දෙනාගේ සහභාගිත්වයෙන් මෙම මහඟු කර්තව්‍ය ආරම්භ කිරීමට නියමිතයි.
මෙරට පුරන්ව ඇති සියලූම කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ පෙරදැරිව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයකට අනුවයි ‘‘හිරු ගොවි සංග්‍රාමය - තුන් හෙළයේ රන්කෙත් උදානය’’ වැඩසටහන නිර්මාණය වන්නේ.
ඒ අනුව, අක්කර 109 ක් වූ ගාල්ල දිසාවේ හිනිදුම් පත්තුවේ, තවලම - බඩඅමුණ පුරන්කුඹුරු යාය අස්වැද්දවීමට මේ වනවිටත් ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු ගම්වාසීන් සියලූම දෙනා දැඩි උද්යෝගයකින් එක්ව සිටිනවා.
ඉතිහාසයේ නොමැකෙන සටහනක් වන මෙම උදාරතර අවස්ථාව ජනවාරි 09 වනදා උදෑසන සිට සජීවිව අත්දැකීමට හිරු ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව හිමිවනවා.
Share This Article