බිග් බෑෂ් එකේදී අවුට් එකක් දෙනවා වගේ නහය කසපු විනිසුරු නිසා පිටියම දෙවනත් වෙයි - [Photos]
ඉන්දියාවේ IPL ක්‍රිකට් තරගාවලියට නොදෙවෙනි තවත් තරගාවලියක් තමා බිග් බෑෂ් එහෙමත් නැත්නම් BBL කියන්නේ.
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙම බිග් බෑෂ් තරගාවලියේ මෑතකදී තිබ්බ තරඟයකදී කාටවත් හිතාගන්න බැරි වැඩක් වුණා. අපේ මතකය හරි නම් මෙය තමා මෙවැනි සිදුවීමක් වුණ ඉතිහාසයේ පළමු අවස්ථාව.
පන්දුව යවන්නා අපි කවුරුත් දන්නා රෂිඩ් ඛාන්..
ඔහු යැවූ පන්දුවක් පිතිකරුගේ පිත්තේ නොවැදී පළමු පාදයේ වැදීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට එහෙමත් නැත්නම් LBW එකක් ලෙස රෂිඩ් විනිසුරුගෙන් ඉල්ලීමක් කළා.
එකවරම ඇඟිල්ල උස්සපු විනිසුරු නැවතත් එම ඇඟිල්ලෙන්ම නහය කසන්න පටන් ගත්තේ මුළු ක්‍රීඩාංගනයම විශ්මයට පත් කරමින්.
පන්දු රකින්නන් සහ පන්දු යවන්න විනිසුරුගෙන් විමසුවත් ඔහු කිව්වේ නෑ නෑ මම අත ඉස්සුවේ ඇඟිල්ලේන් නහය කසන්න කියලා.
එම සිදුවීම ගැන විනිසුරු කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. "මම මුලින් හිතුවේ එය දැවියාමක් කියලා. පසුව මට හිතුනා එක නොදැවියමක් කියලා. එක නිසා මගේ තීරණය මම වෙනස් කළා. එකයි මම නහය කෑසුවේ."

