බංගලාදේශයේ සීතල අධික වෙයි
Monday, 30 December 2019 - 14:35 | Views - 527
බංගලාදේශය පුරා පැතිර යන අධික ශීතල කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙම වසරේ එරට පැවති අඩුම උෂ්නත්වය වාර්තා වූයේ ටෙටුලියා නගරයෙන්. එය සෙල්සියස් අංශක 4.5 ලෙස සටහන් වී තිබුණා.
මේ වනවිටත් එරට රෝහල් ශීතලෙන් හට ගත් රෝග වලින් පීඩා විඳින ජනතාවගෙන් පිරී පවතිනවා.
මේ උවදුරට වැඩි වශයන් ගොදුරු වීමට සිදු වී ඇත්තේ එරට කම්කරු ජනතාවටයි.
Share This Article