රාජිතට නැවතත් අධිකරණයට එන්න වෙයිද?
Monday, 30 December 2019 - 13:48 | Views - 703
මීට ටික වෙලාවකට පෙර ඇප මත මුදා හැරුණු හිටපු අමාත්‍යය රාජිත සේනාරත්නට එරහිව ඇති වෙනත් පැමිණිලිවලට අදාළව සිදුකරන පරීක්ෂණ කඩිනම් කිරීමට රජයට බල කිරිම සදහා සිවිල් සංවිධානා ඇතුළු තවත් සංවිධාන කිහිපයක් සුදානම් වන බව හිරුට වාර්තාවනවා.

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතා ,බාල ඖෂධ ආනයනය, ඇතුලු රාජිත සේනාරත්නට එරහිව ඇති වෙනත් පැමිණිලි රැසක් සම්බන්ධයෙන් ඇතම් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු ,සිවිල් සංවිධාන මෙලෙස හඬ අවදි කිරීමට සුදානම් වනවා.

යම් ආකාරයකින් රාජිත සේනාරත්නට එරහිව ඇති වෙනත් පැමිණිලිවලට අදාළව සිදුකරන පරීක්ෂණ ප්‍රමාද වීමක් හෝ යට ගැසීමක් සිදු උවහොත් මහ මග උද්ඝෝෂණ පැවත් වීමටද එම සංවිධාන සුදානම් වන බවයි වාර්තාවන්නේ.

රාජිත සේනාරත්නට ඇප හිමි වුයේ ඔහු, රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කිරීමෙන් පසු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහුට ඇප නියම කළේ.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප බැඳුම්කර ඔහු ප්‍රතිකාර ලබන රෝහලට ගොස් අත්සන් කර ගන්නා ලෙසටද නියෝග කළා.

නඩුව කැදවූ අවස්ථාවේදී මොහුට ඇප ලබාදීමට නීතිපතිවරයා සිය විරෝධය එල්ල කර අතර කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට එල්ල කර ඇති චෝදනා 03 ඇප ලබා දිය නොහැකි වැරදි නොවන බවට නිගමනය කළ විනිසුරුවරිය මන්ත්‍රීවරයාට ඇප නියම කළා.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර මන්තිී‍්‍රවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙසයි නියෝග කලේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක පසුගිය සෙනසුරාදා අදාල පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඇය නිර්දේශ කර තිබුණේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවසරය ලැබේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහල වෙත මාරු කළ හැකි බවටයි.  

ඒ අනුවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා බන්ධනාගාර ගිලන් රථය නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල් භූමියට ඊයේ පැමිණ තිබුණේ. කෙසේ වෙතත්, ලංකා රෝහලේ වෛද්‍යවරුන්ගේ අවසරය නොලැබීම නිසා පැය 4 කට වැඩි කාලයක් එහි රදවා තිබූ ගිලන් රථය සහ පැමිණි නිලධාරින් පසුව පිටව ගියා.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවාද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මතයි. පසුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top