ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වුන 37 හැවිරිදි කුශාල් පන්ජාබි මීට දින කිහිපයකට කලින් මුම්බායේ පිහිටි තමන්ගේ මහල් නිවාසයේදී සියදිවි නසාගෙන තිබෙනවා.
ඒ තමන්ගේ අවුරුදු 3ක් වුන පුංචි පුතාට බොහොම සංවේදී සටහනක්ද තබමින්. ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන්නෙකු බවයි ඔහුගේ හිත මිතුරන්නම් පවසන්නේ. සියදිවි නසාගැනීමට හේතුව තවමත් ස්ථිර වශයෙන් පැවසිය නොකී බවයි එරට ,මාධ්‍ය නම් වාර්තා කරන්නේ. කොහොම වුනත් ඔහු මියයන්න කලින් තමන්ගේ පුතු වෙනුවෙන් තබපු සටහනේ සඳහන් වෙනවා ඔහු සතුව තිබෙන වතු යායෙන් හරි අඩක් ඔහු වෙනුවෙන් පවරා ඇති බව. වතු යායේ ඉතිරි අඩ ඔහුගේ සහෝදර සහෝදරියන් සහ දෙමව්පියන් අතර බෙදා දිය යුතු බවයි ඔහුගේ අවසන් කැමැත්ත වී ඇත්තේ.
ඒ වගේම ඔහුගේ මරණයට කිසිවෙකු වගකිවයුතු නැති බවත් එම සටහනේ තවදුරටත් සඳහන්වන බවයි දැනගන්න ලැබෙන්නේ.
88 Views
107 Views
273 Views
173 Views
148 Views
162 Views
149 Views
122 Views
187 Views
139 Views
153 Views
222 Views
258 Views
709 Views
46 Views