මධුෂ්ගේ අනියම් බිරිඳගෙන් CIDයට ප්‍රකාශයක්
Monday, 30 December 2019 - 13:06 | Views - 4,235

පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ පිරිසක් අත්අඩංගුවට පත්වූ ඩුබායි සාදය සංවිධාන කළ ඔහුගේ අනියම් බිරිඳගෙන් ඉදිරි දින කිහිපය තුළ තවත් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළා.
ඊයේ අලූයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන මෙම කාන්තාව පසුව කොළඹ පිහිටි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කරනු ලැබුවා.
ඉන් අනතුරුව රාත්‍රී 8ට පමණ ඇය මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම කාන්තාව දිවයිනට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා එහි පිටත්ව ගොස් තිබුණා.
මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී එරට පොලීසියට කොටුවූ අවස්ථාවේ මෙම කාන්තාවද අත්අඩංගුවට පත්වුණා. ඇය තවත් පාතාල නායකයෙකු ව සිටි කළු අජිත් නැමැත්තාගේ බිරිඳ බවයි එම කාලසීමාව තුළ පරීක්ෂණ මෙහෙයවූ මෙරට බලධාරීන් අනාවරණ කරගත්තේ.
අත්අඩංගුවට පත්වූයේ මාකඳුරේ මධුෂ් විසින් මෙම කාන්තාවගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ සාදයේදියි.
පාතාල නායක මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග මත තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කරමින් සිටිනවා.
Share This Article