බස් රථවල සද්ද ගැන 1955 ට කියන්න
Monday, 30 December 2019 - 12:30 | Views - 531
පෞද්ගලික බස් රථවල ජනතාවට හිංසාවන අයුරින් ඝෝෂාකාරී ලෙස ගීත හා වීඩියෝ පට වාදනය කරන්නේ නම් 1955 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
ජනවාරි 1 වනදා සිට පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය තහනම් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත දහසක් ඇතුළත් සංයුක්ත තැටි බස් රථවලට බෙදාහැරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය දැනුම් දුනනේ.
එමෙන්ම පෞද්ගලික හෝ ලංගම බස් රථ මන්දගාමිව ධාවනය කරන්නේ නම් හෝ රියදුරන්ගේ සහ රිය සහයකයන්ගේ අවිනීත, නීතිවිරෝධි හැසිරීම පිළිබඳවද තොරතුරු මෙම ක්ෂණික දුරකථන අංකයට ලබා දිය හැකියි.
මේ අතර ලංගම ඩිපෝවල සිදුවන වංචා හා දූෂණ වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි ශ්‍රීලංගම සභාපති කිංස්ලි රණවක කියා සිටියේ.
Share This Article