අයි.එස්. සැලසුමක් හෙළිකිරීම ගැන රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්
Monday, 30 December 2019 - 10:58 | Views - 668
රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් වරාය නගරයට ප්රහාර එල්ල කිරීමේ අයි.එස්. ත්රස්තවාදී සැලසුමක් අනාවරණ කිරීම පිළිබඳව රුසියාව ඇමරිකාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳව ස්තූතිය පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උත්සව සමය ඉලක්ක කර සෙන් පීටර්ස්බර්ග් වරාය නගරය තුළ ප්රහාර මාලාවක් එල්ල කිරීමට සැළසුම් කර තිබූ බවටයි ඇමරිකාව පසුගියදා අනතුරු අඟවා තිබුණේ.
සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන රුසියානු ජාතිකයන් දෙදෙනෙකු රඳවාගෙන ප්රශ්ණ කරන බවට එරට ප්රවෘත්ති සේවා වාර්තා කර තිබුණා.
Share This Article