අයි.එස්. සැලසුමක් හෙළිකිරීම ගැන රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්
Monday, 30 December 2019 - 10:58 | Views - 669
රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් වරාය නගරයට ප්‍රහාර එල්ල කිරීමේ අයි.එස්. ත්‍රස්තවාදී සැලසුමක් අනාවරණ කිරීම පිළිබඳව රුසියාව ඇමරිකාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳව ස්තූතිය පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

උත්සව සමය ඉලක්ක කර සෙන් පීටර්ස්බර්ග් වරාය නගරය තුළ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැළසුම් කර තිබූ බවටයි ඇමරිකාව පසුගියදා අනතුරු අඟවා තිබුණේ.

සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන රුසියානු ජාතිකයන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්ණ කරන බවට එරට ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top